ඇමරිකාවේ සිදුවුයේ කුමක් ද?


ඇමරිකානු පාර්ලිමේන්තුව ලෙස අර්ථකථනය කළ හැකි සෙනට් මණ්ඩලය අද රැස් වූයේ 2020 ජනාධිපතිවරණයෙන් ජය ගත් ජෝ බයිඩන්ගේ නිළ පත් කිරීම තහවුරු කිරීම සඳහායි. එහිදී සිදුවන්නේ ප්රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් නිළ ප්රතිඵලය නැවත සෙනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අතර අදාළ ප්රාන්තය වෙනුවෙන් සෙනට් සභාව නියෝජනය කරනු ලබන පුද්ගලයා (මන්ත්රීවරයා යැයි උපකල්පනය කළ හැක) එය තහවුරු කිරීම යි.
මේ සෙනට් නියෝජිතයන් කවුරුන් ද ?
ඇමරිකාවේ වෙනම මහා මැතිවරණයක් හෝ සෙනට් නියෝජිතයන් තෝරා ගැනීම සඳහා වෙනම මැතිවරණයක් නොපැවෙත්වෙන අතර සියළු දෙනා තේරී පත් වන්නේ ජනාධිපතිවරණයේ ප්රතිඵල මතයි. ඒ කියන්නේ 2020 ජනාධිපතිවරණයෙන් ජයගත් බයිඩන් ගේ සෙනට් නියෝජිතයන් තවමත් "සෙනට් සභාවට'' පත්වීම් ලබා නැහැ.
තවත් උදාහරණයකින් කිව්වොත් 2015 ජනාධිපතිවරණයෙන් ට්රම්ප් ජයගත් පෙන්සිල්වේනියා ප්රාන්තය, 2020 දී ජයගත්තේ බයිඩන් විසින්. නමුත් තවමත් පෙන්සිල්වේනියාව නියෝජනය කරමින් සෙනට් සභාවේ සිටින්නේ ට්රම්ප් ගේ මිනිසෙක්. නිල ජන්ද ප්රකාශය ප්රාන්ත ආණ්ඩුකාරවරයාවරයා විසින් සභාවට නිල වශයෙන් දැනුම් දුන්න ද පෙන්සිල්වේනියාව නියෝජනය කරමින් සෙනට් සභාවේ සිටින ට්රම්ප්ගේ නියෝජිතයාට එම මැතිවරණ ප්රතිඵලයට විරුද්ධ විය හැකියි. එම විරෝධතාවය මත 2020 මැතිවරණය ජයගත් බයිඩන්ගේ නිළ පත්වීම සෙනට් මණ්ඩලය තුළ අභියෝගයට ලක් කළ හැකියි.
අද සිදුවූයේ කුමක් ද
තවමත් ට්රම්ප්, ජනාධිපතිවරයා යැයි ද පවත්වා අවසන් ජනාධිපතිවරණයෙන් ට්රම්ප් ජයගත් බවද පවසන ඇතැම් සෙනට් නියෝජිතයන් "සෙනට් සභාව " තුළ බයිඩන්ගේ ජයග්රහණයට අදාළ "ප්රාන්ත ආණ්ඩුකාරවරුන්ගේවරුන්ගේ නිළ දැනුම්දීම්" වලට සිය "විරෝධය " පළ කළා. ඒ මොහොත වනවිට සෙනට් ගොඩනැගිල්ල අවට රැඳී සිටි ට්රම්ගේ ආධාරකරුවන් අදාළ ගොඩනැගිල්ල තුළට කඩාවැදී ඉතා කලහකාරී ලෙස හැසිරුණා.
සෙනට් සභාව යනු කුමක් ද
එක්සත් ජනපද සෙනෙට් සභාව යනු එක්සත් ජනපද පරිපාලන ව්යුහයේ ඉහලම ස්තරයයි. සෙනෙට් සභාවේ සංයුතිය හා බලතල එක්සත් ජනපද ආණ්ඩුකරම ව්යවස්ථාවේ පළමු වගන්තිය මගින් තහවුරු කර තිබෙනවා. සෙනෙට් සභාව, සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත වන අතර ඒ සෑම කෙනෙක්ම ප්රාන්තයක් නියෝජනය කරනවා. සෑම ප්රාන්තයකින්ම සෙනෙට් සභිකයන් දෙදෙනෙකු බැගින් ඇමරිකාවේ ප්රාන්ත 50 නියෝජනය කරමින් සෙනෙට් සභිකයින් 100 ක් සිටිනවා.
සෙනෙට් සභාවට ජනාධිපතිවරයා නිළ වශයෙන් පිළිගැනීමට අමතරව ව්යවස්ථාපිතව, රාජ්ය ගිවිසුම් අනුමත කිරීම, කැබිනට් ලේකම්වරුන් ( අමාත්යවරුන්) , ශ්රේෂ්ඨධිකරණ විනිසුරුවරුන්, ෆෙඩරල් විනිසුරුවන් පත්කිරීම, රාජ්ය නිලධාරීන් පත්කිරීම සහ නිළ තනතුරු උසස් කිරීමට බලය තිබෙනවා.
අවුල හැදෙන්නේ කොහොමද
2020 ජනාධිපතිවරණයේ සමස්ථ ප්රාන්ත ප්රතිඵල වලට අනුව බයිඩන් ජයග්රාහී අපේක්ෂකයා වුවත් ( ඒ ඒ ප්රාන්තයට හිමි අසන ගණන අනුව) ඔහු ජයග්රහණය කරන ලද ප්රාන්ත ගණනට වඩා ට්රම්ප් දිනූ ප්රාන්ත ගණන වැඩියි. ඒ කියන්නේ බයිඩන් ජයග්රහණය කළේ විශාල ප්රමාණයේ ප්රාන්ත කිහිපයකින් ලද විශාල අසන ගණනකින් වුවද , අසන ප්රමාණය අඩු පොඩි පොඩි ප්රාන්ත රැසක් දිණුවේ ට්රම්ප්ය. ඒ කියන්නේ සෙනට් මණ්ඩලය තුළ තවදුරටත් (අනාගතයේත්) වැඩි ඉඩක් ඩිමොක්රටික් බයිඩන් ට වඩා රිපබ්ලිකන් පක්ෂයට හිමිවනු ඇති. නමුත් රට පාලනයට හෝ සෙනට් සභාව වෙත ව්යවස්ථාපිතව පැවරෙන කටයුතුවලට එය එතරම් බලපෑමක් වන්නේ නැත .
කොංග්රස් ගොඩනැගිල්ල
මෙය පිහිටා තිබෙන්නේ වොෂිංටන් ඩී.සී. හියි. මුල් ගොඩනැගිල්ල 1800 දී ඉදි කර තිබෙනවා. ව්යවස්ථාදායකය ,සෙනෙට් සභාව සහ අධිකරණ ශාඛාවල ප්රධාන කාර්යාල ද ද මේ වනවිට මෙහි ක්රියාත්මකයි.
(මෙය ඉතාම සරළ පැහැදිළි කිරීමක් වන අතර සිදුවූයේ කුමක් ද යන්න අවබෝධ කර ගැනීම සඳහා ඉතාම කුඩා සංශිප්තයකි)
#Udithamal
#HEmachandra

Post a Comment

0 Comments