සංචාරක කර්මාන්තය ගැන පොදු සමාජ දැනුම ප්‍රමාණවත් ද

ගල්ල හෝ හික්කඩුව ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටින කැනේඩියානු ජාතික යුවළකයෙන් ජරාවක් කන්න දඟලන යුනිෆෝම්කාරයන් දෙදෙනාගේ වීඩියෝව සහ දුම්රියේ ගමන් කරමින් සිටින විදේශිකයෙකුට සෙරෙප්පුවකින් දමා ගසන වීඩීයෝව දක්වා ඇත්තේ මේ රටේ මිනිසුන්ගේ සංචාරක කර්මාන්තය හෝ ව්‍යාපාරය පිළිබඳ ඇති නොදැනුවත්භාවය සහ වටිනාකම් හි අගය නොදන්නා අමු තිරිසන් ස්වභාවයම
මිස වෙන අමුතු දෙයක් නොවේ. කොටින්ම කියනවා නම් සංචාරක වෙළඳපොළ පිළිබඳව මේ රටේ සාමාන්‍ය ජනතාව සතු දැනුම උකුණු පුකකටත් වඩා තව පොඩ්ඩක් කුඩා වීමේ අවුල ය.

අර හම්බන්තොට දී සුද්දෙක් ම|රා උගේ පෙම්වතිය දූ|ශ|න|ය කිරීම හෝ කිරීමට තැත් කිරීමේ සිට, ඕනෑම සුද්දියෙකුට අහවල් එක කරන්න පුළුවන් ය කියන අසීමිත ලිංගික ඇරියස් එක සහ ඕනෑම සුද්දෙක් අමු මෝරෙක් යැයි උපකල්පනය කර උගේ දත ගලවන්න හැකිය යන යල් පැන ගිය මතයේ තවමත් එල්ලී සිටින නව පරපුර ද අපට කියා පාන්නේ සංචාරක වෙළඳපොළ හා එම ව්‍යාපාරය පිළිබඳව අපේ රටේ සාමාන්‍ය ජනතාව සතු දැණුමේ තරම ය.

ගාල්ලේ සිදිධිය දෙස බැලීමේදී කැනඩාව වගේ ඈත රටක සිට මෙරටට පැමිණීම සඳහාම පැය 20 කට අධික ගුවන් ගමනක් සහ අති විශාල මුදලක් වැය වේ. බොහෝ කැනේඩියානුවන්ට අපේ පාරිසරික තත්වයන්ම සහිත කියුබාව, බ්‍රසීලය, කොදෙව් දූපත්, ඩොමිනිකන් රිපබ්ලිකන් වැනි රටවල් ගණනාවක් ඉතාම අඩු මුදලකින් සහ කාලයකින් සංචාරය කළ හැකිව තිබිය දීත් ලංකාවට එන්නේ, මේ රටට තියෙන ආසාව සහ ආදරය හෝ වෙන මොකක් හෝ නිසා ය. මෙවැනි අකටයුතුකම් කැනේඩියානුවෙකුට පමණක් නොවේ ඉන්දියානුවෙකුට ද මේ රට තුළ සිදු නොවිය යුතුම ය.

ටැක්සි මාෆියාව ලොව කොහෙත් ඇත. එය පාලනය කළ යුත්තේ විදිමත් ක්‍රමවේදයකින් මිස අන් කිසිවකින් නොවේ. මේ වෙලාවේ පොදු පම්පෝරි ගහන්නට හැකි සෑම තැනකම සෑම වර්ගයකම මිනිස්සු සංචාරක කර්මාන්තයේ වටිනාකම්, එහි ව්‍යාපාර ස්වභාවය ආදී දේ ගැන පුළුවන් තරම් දැනුවත් කිරීම රටට පිනකි. ඒක මට මැවී පෙනෙන්නේ සංචාරකයෙකුට අකටයුත්තක් වෙන තැනක නැගී සිටින්නට හයිය ඇති ජනතාවක් අපි කඩිනමින් නිර්මාණය කිරීමක් ලෙස ය. 

එමෙන්ම සංචාරක කර්මාන්තය යනු ව්‍යාපාර වපසරිය තුළ ලංකාවට එන සුද්දන්ම පමණක් නොවන බව ද ජනමාධ්‍ය විසින් තේරුම් ගත යුතුය. චූන් පාන් වාහනයෙන් ගන්නා මාළුපාන් ගෙඩි දෙකකින් දවසම  ගොඩදාගන්නා සුද්දෝ සහ ඒ නිසා කම්පාවෙන ගම්මු ගැන මීඩියා ද ඕනවට වඩා පුප පොළොවේ ගහගෙන කම්පා විය යුතු නැත. මොකෝ සුද්දෙක් මේ රටට එන කොටම ඔය ගුවන්තොටුපළ බද්ද වගේ ඒවා කොහොමත් ඇල්පයි වේ. ඌ චූන් පාන් කන්නේ ද ඩොලර් එකක් හරි මාරු කරලා නිසා, ඒ ගැන හිතල සතුටු වෙන්නත් හැකියි.

ඌ ආනයනික ඇපල්,මිදි,දොඩම්, බෝතල් වතුර,ආනයනික බේකන් වගේ තවත් සිය ගණනක ආනයනික භාණ්ඩම අපෙන් ඉල්ලා සිටිනවා යැයි සිතමු. එතකොට ඒවා ගේන්න වැය වෙන්නේ ද ඩොලර් මිස රුපියල් නොවේ. තවත් සරළව හිතුවොත් සුද්දෙක් මෙහේ ඩොලර් 100 ක් රුපියල් වලට මාරු කළොත් ඒ 100න් 50ක්ම යන්නේ ඌට  අවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කරන්නට නම් අපේ ලාබය ඩොලර් 50 ය. ඉන් කියන්නේ අපි සංචාරකයන් චූන් පාන් වලට දිරිමත් කළ යුතුය යන්න නොවේ. මේ වෙළඳාමේ ස්වරූපය එය යි. 

ඒ නිසා වෙළඳාම පැවතීමට නම් රට තුළට එන සංචාරකයා ආරක්ෂා කර ගත යුතු ය. සංචාරක කළාප වල ගැවසෙන බැක් පැක් සංචාරකයන් වගේම ඩොලර් දහස් ගණනක් වියඳම් කොට ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ආනයනික භාණ්ඩ හා සේවා මෙන්ම ඉතාම දේශීය දේවල් ද භුක්ති විඳ නිවාඩු ගත කරන විදේශීය සංචාරකයන් ද ඕනෑතරම් සිටින බව අපේ ජනතාවට කියා දෙන්නට අවශ්‍ය වන්නේ මේ ව්‍යාපාරය පිළිබඳ දැනුම බව මම පුන පුනා සිතන්නේ ඒ නිසාය.

හැබැයි මාසෙක වීසා එකකින් ලංකාවට ඇවිත් ඤාණවතී ආච්චිලයි පරණ ගෙදර කුළියට අරං, මේන් මාස පහ හයක් ඒකෙම නතර වෙලා, තව එවුන්ගේ රටේ කණ්ඩායම් පිටින් ඤාණවතී ආච්චිලයි ගෙදරටම ගෙන්වාගෙන බතක් මාළුවක් ඒකෙම හදන් කන තත්වෙට ඇවිත් නම් මීඩියා විතරක් නෙවෙයි ගමේ අය පවා අවධානයෙන් සිට අදාල අංශ දැනුවත් කළ යුතුයි.

ඒ වගේම ලෝකය පුරාම සංචාරකයන්ට විවිධ අකරතැබ්බයක් සිදුවන බව ද සැබෑය. හැබැයි මාසයකට ලක්ශ ගනන් සංචාරකයන් එන රටකට සුළු සුළු සිදුවීම් මත එය සමස්තයක් ලෙස ව්‍යාපාරයට බලපාන්නේ නැත. 

ඒත් අපට ගොඩ යන්නට හැකි මඟ නිකරුණේ විනාස කර ගන්නේ, මේ වෙළඳපොළ ගැන පොදු සාමාජය තුළ කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොමැති බව යන්න මගේ හැඟීම ය.

Udithamal Hemachandra

Post a Comment

0 Comments