සීතල වීම දියුණුරටක ලක්ෂණයක් ද


ශ්‍රී ලංකාවේ හදිසියේ ඇති වූ සීත කළගුණික වෙනස ගැන ලෝකයේ වෙනත් දියුණු රටවල් උනන්දු වූයේ අද ඊයේ නොවේ. ඔබ අහල ඇති ග්ලෝබල් වෝර්මින් (Global Warming) කියල වචනයක්. ඔබ අහල ඇති ක්ලයිමට් චේන්ජ් (Climate Change) කියල  වචනයක්.

සාමාන්‍ය ව්‍යවහාරයේදී, දේශගුණික විපර්යාස (Climate Change) විස්තර කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම (Global Warming) විදියට. ඒක හරියට එක අංශකයකින් අපට ශරීර උෂ්ණත්වය ඉහළ ගියොත් ඒක උණ තත්වයක් තමයි වගේ. උණක් කියන්නෙම ලෙඩක් ගැන අපට කියන මූලික සංඥාව කියල සරලව හිතමුකො. 

එතකොට ගෝලිය උණුසුම වැඩිවෙද්දී ලංකාව සීතල වුණේ කොහොමද?

ඒ ප්‍රශ්නයට විද්‍යාත්මක උත්තරයක් දෙන්න මම ප්‍රවීණයෙක් නෙවෙයි. හැබැයි අපේ කළාපයේ ඇති වූ හදිසි වෙනත් පරිසර වෙනසක් (විශ දුමක්,දූවිල්ලක්) නිසා අපිට මෙහෙම වුණා කියන එක පැහැදිළියි. එතකොට ඒ විශ දුම, දූවිලි හෝ වෙනත් ගිණි ගැනීම් නිසා ඇතිවු දුමාරයක් හෙවත් තව තැනක ඇතිවුණු පරිසර උණුසුමේ වෙනසක් නේද මේ? 

ඒ නිසා තමයි ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වයේ මෙවැනි හදිසි වෙනස් වීම් හෝ දිගුකාලීන වෙනස් වීම් පවතින පරිසර තත්වයන් වෙනස් කරමින් මිනිසුන්ගේ සහ සතුන්ගේ පටන් සියළු පරිසර පද්ධති වලට එල්ල කරන බලපෑම පිළිබඳව අනාගත ලෝකයේ ලොකුම අහියෝගාත්මක කතාබහ වන්නේ. 

ඔබට මතක නම් පසුගිය එක්සත් ජාතීන්ගේ මහ සමුළුව, ලෝකයේ බොහෝ රජ්‍ය නායකයන් තම තමන්ගේ රටවල තිබෙන අර්බුද සහ ඒවා ගැන පම්පෝරි ගහන අතරේ ඇතැම් දියුණු රටවල රාජ්‍ය නායකයන්ගේ කතා සාරාංශය බවට පත්වුණේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ අවදානම. ඇමරිකවෙ, කැනඩාවෙ, බ්‍රිතාන්‍යයෙ, ප්‍රංශයෙ, ඕස්ට්‍රේලියාවෙ, නෝර්වේ රාජ්‍ය නායකයන්ගේ කතාවල මේ ගැන ලොකුවටම කියැවුණා.

ඒ වගේම තමයි පොඩි කාලෙ අපට පරිසරය විෂය උගන්වන කොට වැඩිපුරම පරිසරය දූෂණය කරන අය විදියට හඳුන්වල දීපු රටවල් තමයි අද වෙනකොට ඉතාම සංරක්ෂිත විදියට සිය කාර්මික නිශ්පාදන සිදුකරන්නේ තම පරිසර පද්ධති ආරක්ෂා කරගනිමින්. එහෙත් කිසිම තත්ව පරීක්ෂාවකින් තොරව පරිසර පද්දති වලට හානි කෙරෙන මෙහෙයුම්,යුද්ධ ආදී ඕනෑතරම් උදාහරණ අපට ලෝකය පුරාම රටවල සිහිපත් කරන්නත් පුළුවන්.

කොහොම නමුත් මේ වෙනුවෙන් 2021 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ස්කොට්ලන්තයේ දී සමුළුවක් පැවැත්වුණු අතර ලොවපුරා රාජ්‍ය නායකයන් 100ක් පමණ ඊට සහභාගී වුණා. එහිදී එළඹි ප්‍රධාන තීන්දුවක් වුණේ දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ ඊට මුහුණදීමට සාර්ථකව කටයුතු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල ජාතීන්ට උපකාර කිරීම සඳහා අරමුදල් ඇතිකිරීම. 

ඉන් අප තේරුම් ගත යුත්තේ මේක අපි හිතන මට්ටමේ සරල දෙයක් නොවෙයි කියන එකයි.

නැවත 2021 දීම ලෝක නායකයන් ප්‍රංශයේ පැරිස් නුවරදී රැස්වනවා,(21st Conference of the Parties (COP) to the United Nations Framework Convention on Climate Change (UNFCC) , or COP21) තනි තනිව සහ සමූහ වශයෙන් හදිසි තත්වයන් යටතේ සාමුහිකව වැඩ කිරීම පිළිබඳව කතා කරන්නට. COP21 දී ගනුලැබූ වැදගත් තීන්දුවක් වුණේ ලොකයේ කාලපීය බලවතුන් , සිය සම්පත් බෙදී ඇති විශමතාවයන්ගේ ශක්තියමත කලාපයේ සෙසු අඩු පහසුකම් සහිත රටවලට සමූහිකව උපකාර කිරීම. 

2021 නොවැම්බර් මසයේ ඉතාලියේ පැවති G20 රාජ්‍ය නායක සමුළුවේ දී එහි න්‍යාය පත්‍රයට පවා ගෝලීය දේශගුණික වෙනස් වීම් ඇතුළත් වුණා. කොටින්ම කියනව නම්, ලෝක අර්ථික බලවතුන්ගේ අවධානය පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලබා ගැනීම උදෙසා G20 රාජ්‍ය නායකය සමුළුව අරාම්භ වීමට පෙර දැවැන්ත උද්ඝෝෂණයක් පවා ඉතාලියේ පරිසර සංවිධාන මගින් සිදුකළා.

දැන් අපි ආපහු එමු පහුගිය කාලයේ අපි බලපු මේ වගේ පාරිසරික වෙනස් වීම් නිසා ජන ශූන්‍ය වුණු චිත්‍රපට පෙළකට. 

එක වරම අධික තාපය, එකවරම අයිස් වෙන මහ නගර, විදුලි සම්ප්‍රේෂණ පද්දති එකවරම වෙනස් වීම, ගුවන් ගමන් වල සිදුවන බිඳ වැටීම්, ඇතැම් ප්‍රදේශ එකවරම හිමෙන් වැසී යාම, අන්තර් ජාළ සම්බන්ධතා බිඳවැටෙමින් ඉහළ අහසේ කක්ෂගත කර තිබෙන චන්ද්‍රිකා එකවරම පාලනයෙන් බැහැරවීම, එක ප්‍රදේශයක් පමණක් විශ වායුවකින් වැසීයාම, විශාල දූවිලි තට්ටුවක් නිසා ඉර නොපෙනීයම ආදී තවත් බොහෝ චිත්‍රපට ඔබට මතකයට එනවා ඇති. 

දැන් ඔබ මොහොතක් සිතන්න ගෝලීය දේශගුණික තත්වයන්ගේ වෙනස් වීමේ භයානක කම ගැන. ඒ නිසා මේ පරිසර පද්ධතීන් ඔබ මම ආරක්ෂා කරනව වගේම අනාගත පරම්පරාවටත් ඔබේ දරුවාගේ දරුවාටත් පරිසරයට ආදරය කිරීමේ අනූපමේය කරුණාව කියා දෙන්න.

උදිතමාල් හේමචන්ද්‍ර

Post a Comment

0 Comments