බයිඩන්ගේ දින 100


නව ජනාධිපති ජෝ බයිඩන් දින 100 ක වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. නමුත් විචාරක මතය, එම දින 100 තුල අළුත්ම වැඩ රැසක් බයිඩන් ඉදිරියේ ඇති බවයි.

නැවත ලෝක පොලිස්කාරයා වීම
ස්වෛරී රාජ්යන් හි අභ්යන්තර කටයුතු වලට අත නොදැමීම සම්බන්ධයෙන් ගෙවුණු වසර 04 තුළ ට්රම්ප් පාලනය උත්කර්ෂයට නංවාලීම හා සමගාමිව, ගෙවුණු වසර හතරක කාලය තුළ ලොවපුරා පිස්සු කෙළින රාජ්ය වලට කිසිදු තගක් දැමීමට බලවතෙක් නොසිටීමද ඇමරිකානු දුර්වලතාවයක් ලෙස දකින විචාර, මේ දිනවල අසන්නට ලැබෙනවා. ඉකමණින් එම ''බලවතාගේ බලය'' තහවුරු කර ගැනීමට, ඇමරිකාවට සිදු වන අතර එය ඇමරිකානු දේශපාලනය, යළි ලෝක සිතියමට සම්බන්ධ කරන පාලම සකස් කිරීමේ මූලික පියවර වනු ඇති. බයිඩන් ගේ ආණ්ඩුවට පැවරෙන ඉහළ වගකීමක් ලෙස අද එය විවිධ අයුරින් අර්ථකතනය වෙමින් පවතිනවා.
ලෝක බලවතා වීම
01. එක්සත් ජාතින් තුළ ඇමරිකානු මැදිහත්වීම සහ දාකත්වය සුළුපටු නොවේ. ජගත් සංවිධානයට ලෝකයේ සියළු රටවලින් ලැබෙන වාර්ෂික ආධාර සහ ප්රධානයන්ගෙන් 50% කට ආසන්න වත්කම් පොම්ප වන්නේ ඇමරිකාවෙන්. (එක්සත් ජාතීන්ගේ දත්ත)
02. නේටෝව හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවීමේ මූලික පරමාර්ථයම වූයේ සාමාජිකත්වය සහිත රටවල ආරක්ෂාව තහවුරු කිරීමයි. ඇමරිකාවට යුරෝපය තුළ සිය යුධ ශක්තිය විහිදුවාලීම සඳහා පාලම වන්නේ ද නේටෝවයි.
ට්රම්ප් පාලනය තුළ ඉතාම ජනප්රිය මාතෘකා දෙකක් වුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම, ලෝක සෞඛ්ය සංවිධානයෙන් ඉවත් වීම සහ නේටෝව සඳහා ඇමරිකාව අරමුදල් වියදම් නොකළ යුතුය යන්නය.
මෙය ඉතාම ජනප්රිය මාතෘකා දෙකක් වූ අතර " අපි මොකට ද වියදම් කරන්නේ " " අපි මේ සංවිධාන වලට වැඩිපුර ගෙව්වා කියල අපිට ලැබෙන දෙයක් නෑනේ " යන්න ට්රම්ප් පාලනය විසින්ම ව්යාප්ත කරන්නට වුණා.
ඇත්තටම ඇයි ඇමරිකාව වැඩිපුර ගෙවන්නේ
පසුගිය දින කිහිපය පුරා ඇමරිකානු මාධ්ය සහ ඇමරිකාවේ සිට ක්රියාත්මක ලෝක මාධ්ය වල දේශපාලන සංවාද සහ විචාරවල මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා වුණා. සාමාන්යයෙන් වියදම් කිරීමට ඇති හැකියාව මත කිසියම් පුද්ගලයෙකුට ලැබෙන බලපෑම් කිරීමේ බලයම, එක්සත් ජාතීන්ගේ සංවිධානය,නේටෝව,ලොවපුරා කඳවුරු වල සිටින සිය සෙබළුන්ගේ සංඛ්යාව, සම්බාධක, ස්වභාවික සම්පත් කළමණාකරණය, යුධ ශක්තිය, රට තුළ ගනු ලබන දේශපාලන තීන්දු, අවශ්ය හෝ අනවශ්ය අතපෙවීම් මත රඳා පවතින බව, පසුගිය වසර 04 තුළම ඇමරිකාව අමතක කර දමා ඇතැයි යන්න විචාරක චෝදනාව වුණා.
ඇමරිකානු ව්යපෘති
ලොව අභ්යවකාශ වැඩසටහන් සඳහා වැඩිම මුදලක් යොදවන්නේ තමන් බව ඇමරිකාව පවසනවා. ඒ සමඟම ඔවුන් විමසන ඊළඟ ප්රශ්නය වන්නේ " අභ්යවකාශ වැඩසටහන්, කාලගුණ වැඩසටහන් සහ ස්වභාවික විපත් පිලිබඳ පූර්ව තොරතුරු ලෝකයට ලබාදීම " වෙනුවෙන් ඇමරිකාවට කිසියම් වගකීමක් කවුරුන් හෝ පවරා තිබේ ද ? යන්නයි. එමෙන්ම ණය නොවන වාර්ෂික ප්රධානයන් සඳහා ඩොලර් බිලියන ගණන් වාර්ෂිකව යොදවනු ලබන්නේ " බලවතා " වීමේ ගාස්තුව වශයෙන් යන්න ඇමරිකානුවන් අවබෝද කර ගත යුතු බව ද ඔවුන්ගේ මතය වී තිබෙනවා.
මුදල් වියදම් නොකර " බලවතා" වීමට තිබු අවස්ථා
මුදල් වියදම් නොකර " බලවතා" වීමට තිබු අවස්ථාවන් ද ට්රම්ප් පාලනය විසින් ගිලිහි ගිය බව එම සංවාද වල කියැවිණි. සරණාගත නීති දැඩි කිරීම සහ සරණාගතභාවය අපේක්ෂාවෙන් ඇමරිකාව තුල රැඳී සිටි විශාල පිරිසකට එම අවස්ථාව අහිමි කිරීමට ගෙවුණු වසර හතර තුළ නීති සම්පාදනය කිරීම " අභ්යන්තර ප්රජාතන්ත්රවාදයට එල්ල වූ දැවැන්ත පහරක් වනවා. ගෝලීය වසංගත තත්වය හමුවේ ජාත්යන්තරය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම ද ඇමරිකාවට කළු පැල්ලමක්. එමෙන්ම සුදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ සිදුවීමේ දී කළු ජාතිකයෙකු මියගිය අවස්ථාවේ ඇමරිකාව ලෝකයට දුන් පණිවිඩය ඉතාම අවලස්සන එකක් බවද විචාරක මතය වනවා. එවැනි අවස්ථා වල ඇමරිකානු හැසිරීම සම්පුර්ණයෙන් වෙනස් විය යුතුව තිබූ බව ද ඔවුන් පෙන්වා දෙනවා.
බහුතරය නැති බයිඩන්
බයිඩන් ජනාධිපති අපේක්ෂකයා ලබාගන්නා සමස්ථ ඡන්ද ප්රමාණයට වඩා පසුගිය ජනාධිපතිවරණයේ ට්රම්ප් අපේක්ෂකයෙකු ලෙස ලබාගන්නා ඡන්ද ප්රමාණය වැඩිය. එරට පවතින මැතිවරණ කොට්ඨාශ ක්රමය අනුව බයිඩන් ජනාධිපතිධුරය ලැබුවද රටේ ජනතාවගෙන් බහුතරය කැමැත්ත පළකර තිබුණේ ට්රම්ට් ටයි.
එමෙන්ම ඇමරිකාව තුළ අනාගත දේශපාලන අවධීන් කෙරෙහි එරට ජනතාව විමසිල්ලෙන් සිටිනු ඇති බවත් නව ජනාධිපතිවරයා ද "ඇමරිකානුවන්ගේ" ජනතා අභිලාෂයන් කෙරෙහි අවධියෙන් සිටිය යුතු බවත් නිතර සිහිපත් කරන විචාරකයන් ලොව වෙනත් රාජ්යයන් ද "අවධානයෙන් " සිටිය යුතු බව පෙන්වා දෙනවා.
(හිටපු නීතිපතිවරු / හිටපු සෙනට් මණ්ඩල සාමාජිකයන් / හිටපු ආණ්ඩුකාරවරු / හිටපු තානාපතිවරු / හිටපු නාසා අධ්යක්ෂවරු / ඇතුළු පිරිස් මෙම සජීවී දේශපාලන විචාර වලදී අදහස් දක්වන ලදී)
#Udithamal
#Hemachandra

Post a Comment

0 Comments