ට්‍රම්ප් ගේ ගිණුම් තාවකාලිකව අත්හිටුවීම


ඩොනල්ඩ් ට්රම්ප්, Facebook හි සහ twitter හි ගිණුම් දෙක බැගින් පවත්වාගෙන ගියා. එකක් ඩොනල්ඩ් ට්රම්ප් සිය පුද්ගලික ගිණුම ලෙස ද අනෙක් ගිණුම ජනාධිපති ට්රම්ප් (president Trump/Realtrump) ලෙස ද පවත්වාගෙන ගියා. එම ගිණුම් හතරම verified ඒවා ද වුණා. මේ වනවිට Facebook සමාගම එම verified ගිණුම් වලින් president trump ලෙස පවත්වාගෙන Facebook සහ twitter ගිණුම් දෙක පමණක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
මෙහි වඩාත්ම වැදගත්ම සිදුවීම වන්නේ අදාළ ගිණුම් අත්හිටුවීමෙන් පසුව මාර්ක් සකර්බර්ග් පළ කළ අදහසයි.
"මෙම කාලය තුළ ජනාධිපතිවරයාට අපගේ සේවය දිගටම භාවිතා කිරීමට ඉඩ දීමේ අවදානම ඉතා විශාල යැයි අපි විශ්වාස කරමු"
මීට අමතරව මාර්ක් සකර්බර්ග් වැඩිදුරටත් ප්රකාශ කරන්නේ "ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ" ධුර කාලය අවම වශයෙන් අවසන් වන තුරු ''පළ කිරීම'' තහනම් කරනු ඇති අතර සමහර විට එය “දින නියමයක් නොමැතිව” ක්රියාත්මක විය හැකි බවයි.
"අපි ඔහුගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් ගිණුම් වල වාරණය දින නියමයක් නොමැතිව සහ සාමකාමී ලෙස බලය මාරුවීම අවසන් වන තෙක් අවම වශයෙන් ඉදිරි සති දෙක දක්වා දීර්ඝ කරන්නෙමු." යැයි ද සකර්බර්ග් පවසා තිබෙන්නේ බ්ලොග් සටහනක් තබමින්.
#Udithamal
#Hemachandra

Post a Comment

0 Comments