ලොව බලවත්ම පාස්පෝට් ඇත්තෝ ජපන්නු වෙති


2021 ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්රය හිමි රට ලෙස ජපානය නම් කර තිබෙනවා. CNN ලෝකසේවය වාර්තා කරන පරිදි "The world's most powerful passports for 2021" ලෙස එය දක්වා තිබුණ ද සත්ය ලෙසම ''බලවත්ම'' යන්න ඊට යොදා තිබෙන්නේ සංචාරක මුලාශ්ර පදනම් කර ගෙන යි. එනම් වීසා රහිතව හෝ පුර්ව අවසරයකින් තොරව හෝ අදාළ රටට ගොඩ බැසීමෙන් පසුව ලබාගන්නා අවසර පත්රයකින් හෝ ලොවපුරා රටවල් 191 කට "ජපන් පාස්පෝට්" හිමියන්ට ඇතුලුවීමේ අවසරය හිමි වනවා.
ලයිස්තුවේ දෙවැනියට සිටින්නේ සිංගප්පූරුව වන අතර සිංගප්පූරු පාස්පෝට් හිමියන්ට ලොවපුරා රටවල් 190 කට කිසිදු බාධාවකින් තොරව ඇතුල් විය හැකියි. තුන්වන ස්ථානයේ පසුවන දකුණු කොරියාවට රටවල් 188 කට වීසා රහිතව හෝ පුර්ව අවසරයකින් තොරව හෝ ගොඩ බැසීමෙන් පසුව ලබාගන්නා අවසර පත්රයකින් හෝ අදාළ රටට ඇතුළු විය හැකියි.
එනම් මේ රටවල පාස්පෝට් හිමි අය වෙනත් රටවලට ගොස් අතුරුදන් නොවන බවට පවතින විශ්වාසයේ තරම ඉන් පැහැදිළි කරනවා.
පහත දැක්වෙන්නේ පළමු පෙළ රටවල් ලැයිස්තුව යි
1. Japan (191 destinations)
2. Singapore (190)
3. South Korea, Germany (189)
4. Italy, Finland, Spain, Luxembourg (188)
5. Denmark, Austria (187)
6. Sweden, France, Portugal, Netherlands, Ireland (186)
7. Switzerland, United States, United Kingdom, Norway, Belgium, New Zealand (185)
8. Greece, Malta, Czech Republic, Australia (184)
9. Canada (183)
10. Hungary (181)
එමෙන්ම අදාළ ලයිස්තුවේ අවසන් රටවල් ද දක්වා තිබෙනවා
103. North Korea (39 destinations)
104. Libya, Nepal (38)
105. Palestinian territories (37)
106. Somalia, Yemen (33)
107. Pakistan (32)
108. Syria (29)
109. Iraq (28)
110. Afghanistan (26)
මෙහි 110 වන ස්ථානයේ සිටින ඇෆ්ගන්ස්ථානයේ පාස්පෝට් එකක් හිමි අයෙක් සඳහා පුර්ව ලිහිල් කොන්දේසි මත ඇතුළුවීමට අවසර ලැබෙන්නේ රටවල් 26 කට පමණයි.
මෙම වාර්තාව පුර්ණ වශයෙන්ම සංචාරක දත්ත මත පමණක් සකස් කරනු ලබන්නේ "හෙන්ලි" නමැති ජාත්යන්තර ආයතනයක් විසින්.
ශ්රී ලංකාවට (" ශ්රීලාංකික විදෙස් ගමන් බලපත්රයට") විසා නොමැතිව හෝ පැමිණ ලබාගන්නා හෝ වීසා මත ඇතුල්විය හැකි රටවල් ගණන 42 ක්. අදාළ ශ්රේණිගත කිරීමේ 100 වැනි ස්ථානයේ අප පසුවනවා.
අසල්වැසි ඉන්දීය ගමන් බලපත්රයට රටවල් 58 කට විසා නැතිව ඇතුල්විය හැකි අතර ඔවුන් ශ්රේණිගත කිරීමේ 85 වන ස්ථානයේ සිටිනවා. මාලදිවයින තවත් ඉහලින් 62 වන ස්ථානයේ පසුවන අතර රටවල් 85 ක දොර ඔවුන්ට විවෘත යි.
මෙම ශ්රේණිගත කිරීම සඳහා තායිවානය, මැකාවෝ, හොංකොං, කොසෝවෝ, පලස්තීනය සහ වතිකානය අදාල කරගෙන නැහැ.
#Udithamal
#Hemachandra

Post a Comment

0 Comments