තවමත් හිස එසවිය නොහැකි ඉරාකය


ත්‍රස්තවාදය සඳහා ඉරාකය සහය දෙන බව සටන් පාඨය කර ගනිමින් 2003 මාර්තු 20 වැනි දින ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ හා එංගලන්තයේ ටෝනි බ්ලෙයාර් අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීම මත ඒකාබද්ධ හමුදාවෝ ආක්‍රමණය ආරම්භ කළහ. කිසිදු ලෝක සංවිධානයක් මෙම ප්‍රහාරය හමුවේ ඉරාක ස්වාධිපත්‍ය පිළිබඳව කතාබහ කළේ නැත. යුද්ධය අරඹන විට ජනාධිපති බුෂ්  සෙනෙට් සභාව අමතා කළ දේශයේ මූලික කරුණු 8ක් ඇතුළත් විය.

01. අමෙරිකානු ජාතික ආරක්ෂක සැලසුමට අනුව කටයුතු කිරීම.

02. හුසේන් පාලනය අවසන් කිරීම.

03. ඉරාකයේ තිබෙන විනාශකාරී ආයුධ සෙවීම හා විනාශ කිරීම.

04. භූමිය නිදහස් කිරීම හා ත්‍රස්තවාදය තුරන් කිරීම.

05. ත්‍රස්තවාදී ජාලයට අදාළ බුද්ධි තොරතුරු ලබා ගැනීම.

06. මහාපරිමාණ අවි ජාලවල තොරතුරු එක්රැස් කිරීම.

07. මානුෂීය ආධාර බෙදාහැරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම.

08. ඉරාකයේ තෙල් නිධි සහ වෙනත් සම්පත් ආරක්ෂා කිරීම.

නිල වාර්තාවක් හෝ  ඉදිරිපත් වී නොමැති වාතාවරණයක ස්වාධිපති රාජ්‍යයකට අභ්‍යන්තර වශයෙන් යුද ප්‍රකාශ කිරීමේ දී ආරක්ෂක මණ්ඩලය තුළ කිසිදු අවසරයකින් තොරව අමෙරිකාව විසින් ගනු ලැබූ යුදමය මැදිහත් වීම එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක මණ්ඩලයේ හෝ කිසිදු අවස්ථාවක සාකච්ඡා නොවීය.

2003 වසරේ පෙබරවාරි 05 වැනිදා හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලය හමුවේ කියා සිටියේ රසායනික කිරණ හරහා එක්සත් ජනපදයට ප්‍රහාර එල්ල කිරීමට ඉරාකය සූදානමින් සිටින බවය. නියමුවන් රහිත යානා භාවිතා කරමින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේ තවත් සූදානමක් ඇතැයි කොලින්  පවෙල් ප්‍රකාශ කළේය. යුද්ධයේ අවසානයේදී ද එවැනි  කිසිදු සොයා ගැනීමකට අමෙරිකාවට හෝ බ්‍රිතාන්‍ය හමුදාවට හෝ හැකි නොවුණි. 


මෙම කාල වකවානුවේ ජගත් සංවිධාන මහලේකම්වරයා ලෙස කටයුතු කළ කොෆි අනන් සිය ධුරයෙන්  ඉවත් වූ පසු අවස්ථා ගණනාවක ඉරාක යුද්ධයේදී අමෙරිකානු මැදිහත්වීම ඉතා ප්‍රබල බවත් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම ඉතා අල්ප බවත් ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම අදාළ ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටු වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. යුද්ධය අතරතුර අමෙරිකානු ජනතාව ද බුෂ් පාලනය දැඩි ලෙස විවේචනය කරන ලදී. එය දැඩි රිපබ්ලිකන් විරෝධයක් දක්වා පෙළ ගැසුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2008 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂකයා වූ ජෝන් මැක්රේන් පරාජයට පත්කරමින් ඩිමොක්‍රටික් අපේක්ෂකයා වූ බරක් ඔබාමා ජයග්‍රහණය කළේය.


තවදුරටත් අඳුරු ඉරාකය සහ එක්සත් ජාතීන්ගේ නූතන භූමිකාව

ඉන්ස්ටිටියුට් ඔෆ් ඉකොනොමික් ඇන්ඩ් පීස් ජාත්‍යන්තරයේ (Institute of economics and peace (Global peace index 2018) ග්ලෝබල් පීස් ඉන්ඩෙක්ස් 2018 දර්ශකයේ රටවල් දක්වා තිබුණු ලැයිස්තුවට අනුව පළමු  තැන සිරියාවටත්, දෙවැන්න උතුරු කොරියාවටත්, තුන්වැන්න ඉරාකයටත්, හතරවැන්න සුඩානයටත් හිමිව තිබුණි.ඒ තුළින් පෙනී  යන්නේ තවදුරටත් ඉරාකය තුළ ඇති අස්ථාවරත්වයයි.

2014 වසරේ ජුනි මාසයේදී අමෙරිකානු ගැති නව ඉරාක රජයට එරෙහිව උතුරු ඉරාකයෙන්  කැරැල්ලක් ආරම්භ වීම මෑතකාලීනව ඇති වූ  තත්ත්වයකි. සදාම්ගේ බාත් පක්ෂය නොනිල ලෙස ඊට අනුබල දෙයි. මේ වන විට ගැටුම්කාරී තත්ත්වය ප්‍රධාන පළාත් 4කට ව්‍යාප්ත වී ඇත. දේශපාලනමය වශයෙන් පවතින්නේ ද  ද දැඩි අස්ථාවර බවකි. යුද්ධයේ අවසන් අදියරේදී අමෙරිකානු ජනතාව පවා වීථි බැස අවධාරණය කළේ ඉරාක ආක්‍රමණය අසාධාරණ බවය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම සියලු තත්ත්වයන් හමුවේ කෙතරම් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක සිටියේදැයි වටහා ගැනීමට, එවක මහලේකම්වරයා වූ කොෆි අනන් සිය ධුර කාලයෙන් පසුව කළ පහත ප්‍රකාශයම ප්‍රමාණවත්වය.



“දුර්වල සතුරන්ට එරෙහිව (ඉරාකයට) කළ හමුදා මෙහෙයුම පිළිබඳ බුෂ්ගේ  ප්‍රතිපත්තිය සහ ඉරාකයට එරෙහිව කරන ලද යුද්ධය වටා බරපතල නීතිමය ප්‍රශ්න තිබුනේය. 2004 සැප්තැම්බර් මස 16 වැනි දින මම පෙන්වා  දී තිබෙනවා, '' එය එක්සත් ජාතීන්ගේ  ප්‍රකාශනය සමග නොගැලපෙනවා සේම අපට පෙනෙන ආකාරයට සහ ප්‍රකාශනයේ හැටියටත් එය නීති වීරෝධියි” යනුවෙන්. 

#Udithamal
#Hemachandra

Post a Comment

0 Comments