සිරියානු සරණාගත ප්‍රශ්නය හමුවේ ජාත්‍යන්තර නිහැඬියාව



රට පුරා ඇති වූ ගැටුම් තත්ත්වය හමුවේ සිරියානු ජනතාව යුරෝපය දක්වා ඇදී ඒමට පටන් ගත්තේය. ජෝර්දානය වැනි බටහිර දිශාවේ රටවල්වලට මෙන්ම ප්‍රංශය සහ ජර්මනිය වැනි මධ්‍ය යුරෝපයේ රටවලට ද සරණාගතයන් ලක්ෂ ගණනින් ඇදී ආහ. එම තත්ත්වය වෙනත් රටවල ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක යන අංශයන්ට ප්‍රබල බලපෑමක් ඇති කළේය.

එම අවස්ථාවේ බොහෝ රටවල් ස්වකීය සරණාගතයන් පිළිබඳ නීති පවා වෙනස් කරමින් සිරියානුවන් සඳහා වැට බැඳීය.

සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර මැදිහත්වීම් ඉතාම අසාර්ථක මට්ටමකට පත් වූ අතර, සරණාගත කඳවුරු දහස් ගණනින් බිහි විය. අදටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ වැඩසටහන සහ ජාත්‍යන්තර සංක්‍රමණික වැඩසටහන ඔස්සේ එම කඳවුරුවල වෙසෙන ජනතාවට සහන සැපයීම සිදුවේ. සිරියානු අර්බුදයේ වර්තමාන සහ අනාගතය සිරියාවේ අර්බුද සම්බන්ධයෙන්  විවිධ අර්ථකථන දක්නට ලැබේ. මෙය හුදෙක් අසාද් ප්‍රමුඛ සිරියානු රජය හා අසාද් විරෝධී පිල අතර ඇති ගැටුමක් ලෙස දකිනවාට වඩා ලෝක බලවතා වීමට විශාල අරගලයක යෙදෙන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයත්, රුසියාව ප්‍රමුඛ කඳවුරත් සිය පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් සිටින සන්දර්ශන භූමියක් බවට සිරියාව පත්ව ඇති බව පැහැදිලිය.

සිරියානු අර්බුදය තුළ ජාත්‍යන්තර මැදිහත්වීම් හි ඇල්මැරුණු බව දැක්වීමට පහත ප්‍රකාශ තුන අතිශය වැදගත්ය.

‘’මට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන විශ්වාසයක් තියෙනවා, එහෙත් සිරියාව සම්බන්ධයෙන්  ඔවුන් ක්‍රියා කරන ආකාරය ගැන ඔවුන් තමන්ගේ හෘදසාක්ෂිය ගැන සිතා බැලිය යුතුයි. සිරියානු අර්බුදය බරපතළ මුහුණුවරක් ගෙන තිබෙනවා. සාකච්ඡා සහ සාමය උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  විධිමත් පසුබිමක් සකස් කරගත යුතුව තිබෙනවා. සිදු වෙමින් පවතින විනාශයන්ගේ ප්‍රතිඵලය ලෙස විඳින්නට සිදුව ඇති වියදම්ද ඉහළ යමින් පවතිනවා. විසඳුමක් සොයාගැනීම සඳහා ඇමෙරිකාව සහ රුසියාවත් වැදගත් දායකත්වයක් ලබාදෙන බවක් පෙනෙනවා. ඕනෑම අර්බුදයක් විසඳාගත හැකි බව මගේ විශ්වාසයයි . ඒ කෙසේවෙතත්, පටු ලාභ ප්‍රයෝජනවලට එහා ගිය දේශපාලන වුවමනාවක්  සහ පරිණතභාවයක් නොමැතිව මෙය කළ නොහැකියිි’

 මාර්ට්ටි ආහ්ටිසාරි (ෆින්ලන්තයේ හිටපු ජනපති/ නොබෙල් සාම ත්‍යාගලාභී)


‘’සිරියාව තුළ රසායනික අවි භාවිතය පිළිබඳ අර්බුදය විසඳීමට රුසියාවට නොහැකිවීම මඟින් අර්බුදයට ලක් වුණේ එවැනි විසඳුමකට රුසියාවේ ඇති අදාළත්වයයි. එවැනි පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීමට රුසියාව කටයුතු කළ යුතුයිි’

 ඇමෙරිකාවේ හිටපු  රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් 


‘’ විසඳුම් සෙවීම ඵලක් නැති දෙයක්. මම නම් ඒ  ගැන බලාපොරොත්තු අත හැරගෙනයි ඉන්නෙ. ආරක්ෂක මණ්ඩලයේ රාජ්‍යයන්ට සාධාරණය වුවමනා නැහැ’

 යුද අපරාධ විශේෂඥ කාර්ලා ඩෙල් පොන්ටෙ


#Udithamal
#Hemachandra

Post a Comment

0 Comments