මන්ද මාධ්‍යකරුවෝ සහ සමාජ පෙන්දෝ


(Udithamal Hemachandra)

සංවේදී සිදුවීම් වර්තා කිරීමේ දී ආචාරධර්ම වලට එහා ගිය සමාජ වගකීම් පිළිබඳ අන්තර්ජාතික මට්ටමේ ප්රමිතියක් ඇති පුහුණුවක් අද සියළු මාධ්යකරුවන්ට අත්යාවශය.

එම පුහුණුව මෙරට ඇදුරන්ගෙන් ලබනවාට වඩා ලෝක ජනමාධ්ය භාවිතාව පිළිබඳව ප්රායෝගික දැණුම් සම්භාරයක් ඇති ඉහළ වෘත්තිකයන්ගෙන් ලැබිය යුතුම ය.

කාන්තාවක් මරා ගමන්මල්ලක දා ගෙනවිත් අතහැර යාම පිළිබඳ පුවත වාර්තා කළ අයුරු ඉතාම ඛේදජනකය. එය රස කරමින් විකිණු සියළු මාධ්‍යකරුවන් තමන්ගේ  වගවීම පිළිබඳ ස්වයං වාරණය පවා තුට්ටුවකට මායිම් නොකළ හ. 

වරක් බරපතළ ළමා අපචාරයක් පිළිබඳ ඉතාම පිළිකුල් සහගත පුවතක් වාර්තා කිරීම මා විසින් නතර කළේය. එය සම්පුර්ණයෙන්ම මගේ තනි මතය වූ අතර ප්‍රවෘත්ති අංශයේ සියළු වාර්තාකරුවන් ද එම මතයේ සිටියේ ය. අපගේ පොදු නිගමනය වූයේ අදාළ චුදිතයා උසාවියට ඉදිරිපත් කිරීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම පමණක් වාර්තා කිරීම ය. 

පසුදා එළිවිය. අප සුපුරුදු පරිදි කාර්යාලයට පැමිණියේ ය. පළමු වෙඩිමුරය අපේ සිකියුරිටි අංකල් ගෙනි. 

"මහත්තයල ඊයෙ අර සීන් එක පෙන්නුවේ නෑ නේද? ඒ පොඩි ළමයට කළිනුත් එහෙම එකක් වෙලා තියෙනවලු. ඊයේ අර අහවල් චැනල් එකේ පෙන්නුවා ඔක්කොම.

ටිකක් දවල් වෙනකොට අපේ මාර්කටින් එකේ බුවෙක් මට කාර් පාර්ක් එකේදී මුණ ගැසුණි. 

"මචං ලයිටරේ පොඩ්ඩක් දියන්'' අඩෝ අර පොඩි එකාගෙ සීන් එක අපේ නිව්ස් වල මිස් වෙලා තිබුණා නේද ? (missed)

ඒ, අදාළ තොරතුරේ ශුන්ගාරය අප විසින් වාර්තා නොකිරීම පිළිබඳ අළෙවිකරුවෙකුගේ කියවීම ය.

හවස පුවත්පත් සාකච්ඡාවකට ගොස් පැමිණි අපේ වර්තාකරුවෙකුගේ අපුරු අත්දැකීමක් සවස තේ වෙලාවේදී ඔහු අප සමඟ හුවමාරු කර ගත්තේ ය. ඔහු පුවත්පත් සාකච්ඡාව ගිය වාහනයේ රියදුරා විසින් අදාළ ප්‍රවෘත්තිය අපේ නාලිකාවේ විකාශය නොවීම මහා වරදක් සහ මදිකමක් බව පවසා තිබේ. අනෙකුත් මධ්‍යනාලිකාවල වල රියදුරන් ඉදිරියේ තමා බෙහෙවින් ලජ්ජාවට පත්වූ බව ද අපේ රියදුරා පවසා තිබුණි. 

සන්ධ්‍යාවේ සභාපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක් මට කියා සිටියේ We watched all the real details of that incident from another channels වලින් අනේ කියා ය. They reported it excellent. 

මේ සියළු අදහස් ඉතාම සාධාරණ ය. ඔවුන් සියළුම දෙනා සිතා සිටින්නේ යම් සංවේදී සිදුවීමක ඉතාම සෙමින් ස්පර්ශ කළයුතු ස්ථාන අමුවෙන් වාර්තා කිරීම " නිවැරදි ක්‍රමය " බව ය. අප එම සංවේදී තොරතුරු වර්තා නොකිරිම සමාජය දකින්නේ " වරදක් " ලෙස ය. එසේත් නොමැතිනම් අපේ නාළිකාවේ අඩුපාඩුවක් ලෙස ය. 

මෙවැනි සංවේදී දෑ සමාජයට නිරාවරණය වීම යනු ''ඉතා වැරදි'' ක්‍රමය බවත් ඒවා සමාජගත නොකිරීම '' ඉතා නිවැරදි " ක්‍රමය  බවත් සමාජය ද තේරුම් ගත යුතුය. නැත්නම් වැරදි දේ කරන එකා හොඳ බවත් හොඳ දේ කරන එකා වැරදි බවත් සමාජ ගත වීම වැලැක්විය නොහැක. 

කුණු රසම විකුණන එකාට පළමු ගල් පහර ගැසිය යුත්තේ ද සමාජයෙනි. මෙය මාසයකට පසුව විවෘත්ත වූ බාර් වල පෝලිමේ සිටි අහිංසක මිනිසුන් වෙනුවෙන් ද එක හා සමාන ය. 

Post a Comment

0 Comments