කොවිඩ් එන්නත් වර්ග ගැන දැන ගනිමු

Udithamal Hemachandra

කොවිඩ් සඳහා වන එන්නත් වර්ග පිළිබඳව යම් සරළ අවබෝධයක් ලබා ගැනීමට මෙම තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. මුළින්ම අපි එන්නත් වර්ග සහ ඒවා නිපදවීමට මුල් වූ රටවල් පිළිබඳ සරළ අවබෝධයක් ලබා ගනිමු.

01. ඇමරිකාව - කැනඩාව - ජර්මනිය යන රටවල් මූලික වී සංවර්ධනය කළ එන්නත ''ෆයිසර්'' (Pfizer–BioNTech) ලෙස හඳුන්වනු ලැබේ. මෙහි නිෂ්පාදන සමාගම BioNTech වනවා. මාත්‍රා දෙකක් මෙහි ලබා ගත යුතුය.

02. බ්‍රිතාන්‍යය විසින් එරට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමඟ එක්ව සංවර්ධනය කළ එන්නත "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා"  (Oxford–AstraZeneca) ලෙස හඳුන්වයි. මෙහි ඇස්ට්‍රාසෙනෙකා යනු (AstraZeneca) වෙළඳ නාමයක් වන අතර එය බ්‍රිතාන්‍ය-ස්විට්සර්ලන්ත හවුල් සමාගමකි. සති 2 - 4 අතර කාලය තුළ දෙවන මාත්‍රාව ලබා ගත යුතුය.

ශ්‍රී ලංකාවට ලැබුණේ "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා" එන්නතයි. එය ඉන්දියාව තුළ දී සකස් කෙරුණේ "සීරම්" නැමති සමාගමක් තුළ "කොවිෂීල්ඩ්" (covishield) යන වෙළඳ නාමයෙනි. වෙළඳ නාමය "කොවිෂීල්ඩ්"  වුවත් එය සම්පුර්ණයෙන්ම "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා" එන්නතම ය.

03. ඉන්දියාව තනිව සංවර්ධනය කළ තවත් එන්නතක් තිබේ. එය "කොවසින්" (Covaxin) ලෙස හඳුන්වයි. මෙය සංවර්ධනය කර ඇත්තේ ඉන්දියාවේ "භාරත් බයෝටෙක්" ( Bharat Biotech) ආයතනයි. එය සම්පුර්ණයෙන්ම ඉන්දීය නිෂ්පාදනයකි. මේ වනවිට එම එන්නත ද ඉන්දියාව තුළ ලබා දෙයි.

04. රුසියාව විසින් සොයාගත් ප්‍රධාන එන්නත "ස්පුට්නික්" (Sputnik V) ලෙස හඳුන්වයි. ඊට අමතරව "එපිවැක්" (EpiVacCorona) සහ "කොවිවැක්" (CoviVac) නමින් තවත් එන්නත් දෙකක් ද  රුසියාව විසින් නිපදවා ඇති අතර ඒවා සියල්ල මේ වනවිට එරට ජනතාවට ලබා දෙයි. මේවා සියල්ල ද සති 4ක් තුළ දෙවන මාත්‍රාව ලබා ගත යුතු එන්නත් ය. 

05. චීනය මේ වනවිට නිපදවා ඇති එන්නත් ගණන හතරකි.Sinopharm/Sinovac/CanSino/Anhui Zhifei එම එන්නත් වර්ග හතරයි. ඉන් එක් එන්නතක් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් බව චීනය කියයි.

මෙම සියළු එන්නත් සඳහා අනුමැතිය ( ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම රටවල බලය ලත් ආයතන) ලැබී තිබේ. ඊට අමතරව ඇමරිකාව,කැනඩාව,බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය, රුසියාව සහ ඉන්දියාව තව දුරටත් එන්නත් වර්ග සෙවීමේ පර්යේෂණවල නිරතව සිටී.

නව එන්නත් ප්‍රභේද

මේ අතර කොරෝනා නව ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ තවත් එන්නත් දෙකක් ලෝකයට හඳුන්වා දීමට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය පසුගිය දා කටයුතු කළේය. 

01. එහි පළමු වැන්න Moderna ලෙස නම් කර ඇති අතර එය සම්පුර්ණයෙන්ම ඇමරිකාවේ සිදුකල පර්යේෂණ වල නවතම ප්‍රතිඵලයකි.

02. දෙවැන්න හඳුන්වා දී ඇත්තේ නොවාවැක්ස් (Novavax) නමිනි. එය බ්‍රිතාන්‍ය විසින් සංවර්ධනය කළ නවතම එන්නත වන අතර Johnson & Johnson සමාගම යටතේ නිෂ්පාදනය කෙරේ.(Johnson & Johnson ද ඇමරිකානු සමාගමකි)

දැනට පර්යේෂණ මට්ටමේ පවතින සෙසු එන්නත් සංවර්ධනය කරණු ලබන ප්‍රධාන රටවල් වන්නේ ජර්මනිය, කසකස්ථානය, ඊශ්‍රායලය, කියුබාව, වියට්නාමය, දකුණුකොරියාව, ජපානය, ඉතාලිය,උතුරු කොරියාව,ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය යි.

2021 මාර්තු 07 වනදා වනවිට ලෝක ජනගහනයෙන් මිලියන 305.2 කට කුමන හෝ වර්ගයක කොවිඩ් එන්නතක් ලැබී ඇතැයි සංඛ්‍යාලේඛන වල දැක්වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 4 කටත් වඩා අඩු අගයකි.

Post a Comment

0 Comments