West Indies කියල රටක් හෝ දුපතක් ලෝකෙ නෑ


අපි බහුතරය වෙස්ට් ඉන්ඩීස්  ගැන දන්නේ ක්‍රිකට් නිසා යි. ඒත් West Indies කියල රාජ්‍යයක් හෝ තනි  දූපතක් හෝ  ලෝක සිතියමේ නැත. එහෙනම් West Indies කියන්නේ ඇයි?

ලෝක සිතියමේ උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව වෙන් කෙරෙන කුඩා තීරුවෙන් දකුණු පැත්තේ මේ රාජ්‍යයන්  පිහිටා තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දූපත් ලෙස අප හඳුන්වන මෙය ලෝක සිතියමේ දැක්වෙන්නේ කැරිබියන් දුපත් වශයෙනි. ඒ මෙම දුපත් සමූහය කැරිබියන් මුහුද වටා පිහිටා තිබෙන නිසා ය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් නිර්මාණය වන්නේ රටවල් 13 කිනි. ඊට අමතරව ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, කොලොම්බියාවේ සහ වෙනිසියුලාවේ  පරිපාලනය සහ අයිතිය හිමි දුපත් රාජ්‍ය 18 ක් ද  (ඇතැම් ඒවා දූපත් ගොඩබිම් පමණකි) කැරිබියන් කලාපයේ පිහිටා තිබේ. 

කොදෙව් දූපත් නිර්මාණය වන රටවල් 13 වන්නේ

 ඇන්ටිගුවා සහ බාබුඩා

බහමාස්

බාබඩෝස්

ඩොමිනිකානු ජනරජය

හයිටි

කියුබාව

ඩොමිනිකා

ජැමෙයිකාව

ග්‍රෙනාඩා

ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ

ශාන්ත කිට්ස් සහ නෙවිස්

ශාන්ත ලුසියා

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්.

මෙම රාජ්‍ය සහ දූපත් සෙසු 18 තුළ කැරිබියානු කලාපය නිර්මාණය වී තිබේ. බ්‍රයන් ලාරා ට්රිනිඩෑඩ් සහ ටොබැගෝ හි උපත ලැබුවෙකි. ශ්‍රීමත් විව් රිචඩ්, බ්‍රිතාන්‍යයට අයත්  ලීවර්ඩ් නම්  දූපත් රාජ්‍යය උපත ලැබුවෙකි. ඩැරන් සමි ශාන්ත ලුසියා හි ඉපදී ඇත. 


Post a Comment

0 Comments