දලෙයි ලාමා කියන්නේ තනි පුද්ගල නාමයක් නොවෙයි


ඉහත පින්තූරයේ සිටින්නේ ලමොහ් ටුඔන්දුප් ය. ඔහු 14 වන දලයි ලාමා තුමන් ය. "දලයි ලාලා" යනු තනතුරකි.

1949 - 1950 වකවානුවේ, ටිබටයේ නැගෙනහිර දේශසීමාවේ චීනයට ආසන්න චැම්ඩෝ ප්‍රදේශයෙන් චීන හමුදා ටිබෙටය ආක්‍රමණය ආරම්භ කරන අතර කෙටි කලෙකින් ටිබෙටය පරාජයට පත්වන්නේ ය. හතළිස් දහසක පමණ චීන හමුදාවක් සමඟ සටන් කළ 8500 ක ටිබෙට් හමුදාවේ භටයන් 180 ක් පමණ මියගිය බව සංඛ්‍යාලේඛන සඳහන් කළ ද 2006 වසරේ දී තෝමස් ලෙයාර්ඩ් නම් ඉතිහාසඥයා කීවේ ටිබෙට් හමුදා භටයන් හා වැසියන් 5000 ක් වත් ඉන් මිය ගිය බව ය.

සාමකාමී ටිබෙටය ආක්‍රමණයෙන් පසුව චීනය වගන්ති 17 කින් සමන්විත ”ටිබෙටයේ සාමය හා නිදහස සඳහා වන ගිවිසුම” ටිබෙටය ලවා අත්සන් කරවා ගන්නේ බොහෝ ඍජු හා වක්‍ර තර්ජන, තාඩන, පීඩන මැද බව විචාරක මතයයි. එහෙත් නොබෝ කලෙකින් ම චීනය විසින් ම එකී ගිවිසුමේ බොහෝ එකඟතා ඒකපාර්ශ්වීය ව බිඳ දමන ලදී. ඒ, ටිබෙටයේ විරෝධය තුට්ටුවකට මායිම් නොකරමිනි. චීනයේ සිට ටිබෙට් ඉන්දීය දේශසීමාව දෙසට දැවැන්ත මහාමාර්ග තනා හමුදා සේනාංක ස්ථාපනයට චීනය කටයුතු කළ බව ප්‍රසිද්ධ ය. ඒ අතරතුර ටිබෙට් සම්ප්‍රදායික ජනජීවිතය හා සංස්කෘතිය මත බරපතළ බලපෑමක් එල්ල කිරීමට ද චීනය කටයුතු කළේ ය. 14 වන (වර්තමාන) දලයි ලාමාතුමා හා ටිබෙට් පාර්ලිමේන්තුව දේශපාලන රැකවරණ පතා භාරතයට පැමිණ ස්ථානගත වන්නේ ඉන් පසුව ය. මුළුමනින් ම අරාජික වූ ටිබෙටය තුළ චීනය සිය අණසක රිසිසේ පැතිරූ අතර, හමුදා ස්ථානගතවීම් ද තවදුරටත් ශක්තිමත් කළේ ය.

ටිබෙට් දේශය සහ ලාමාවරු

දලයිලාමා තනතුරකි. වර්තමාන ලාමාතුමා පත්වන්නේ ද ඊට පෙර සිටි ලාමාතුමාගේ නිර්දේශයෙනි. ඇතැම් විට ඊළඟ ලාමාවරයා ලෙස විවරණ ලබන්නේ කුඩා දරුවෙකි. 1995 වසරේ දී දලයි ලාමාතුමා විසින් වසර හයක් වයසැති දරුවකු ඊළඟ ලාමාවරයා ලෙස නම් කරන්නට යෙදුනි. පංචෙන් ලාමා යනු, ටිබෙට් විශ්වාසයන්ට අනුව, දැනුමින් හා සෙසු ඥානයන්ගෙන් පරතෙරට යන්නකු වන අතර ඊළඟ දලයි ලාමාතුමා නම් කිරීම සිදු කෙරෙනුයේ පංචෙන් ලාමාවරයායි. චීනයේ ප්‍රතිචාරය කොතරම් කුරිරු වී ද යත්, පංචෙන් ලාමා නම් කර දින කිහිපයකින් මේ කුඩා දරුවා අත්අඩංගුවට පත්වූ අතර අද දක්වා කිසිවකුත් ඔහු දැක නැත.


දලයිලාමාතුමා සහ ජාත්‍යන්තරය

ටිබෙට් අර්බුදය සම්බන්ධයෙන් චීනයේ දැඩි ප්‍රතිපත්ති මත දලයි ලාමාතුමා ටිබෙටයේ නිදහස වෙනුවෙන් මැදිහත් වන්නැයි ජගත් ප්‍රජාවගෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. 2012 වසර ටිබෙටයට නිදහස ඉල්ලා බල කෙරෙන වසරක් බව ප්‍රකාශයට පත්විණි. විවිධ රටවල්, පාර්ලිමේන්තු, ජාත්‍යන්තර සංවිධාන හා ජගත් සංවිධානය මෙන් ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සමහර රටවල් සිය ප්‍රතිචාර පළ කළ අතර ඔවුන් ටිබෙටය සම්බන්ධයෙන් තම ස්ථාවරය යළි සලකා බැලීමේ අවශ්‍යතාව චීනයට බල කර සිටියේ ය. ජගත් සංවිධානය හැරුණු විට, යුරෝපා සංගමය, ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඔස්ටේ්‍රලියාව, බ්‍රසීලය, කැනඩාව, ඉන්දියාව, ජපානය හා දකුණු අප්‍රිකාව ආදී රටවල් චීනයට සිය කණස්සල්ල පළ කර තිබේ. 2012 නොවැම්බර් 16 සිට 18 දක්වා දලයි ලාමාතුමා වර්තමානයේ ස්ථානගත වී සිටින භාරතයේ ධර්මශාලා හි පැවැති ටිබෙටයට සහාය පළ කෙරෙන කණ්ඩායම්වල සමුළුවට රටවල් 43 ක නියෝජිතයන් 200 කට ආසන්න පිරිසක් පැමිණ තිබේ. මෙම සමුළුවට සමගාමීව ජගත් සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ටිබෙට් අර්බුදයට බලපා ඇති සාධක කෙරෙහි නොපමාව අවධානය යොමු කරන්නැයි චීනයට යෝජනා කර ඇත. ජපාන පාර්ලිමේන්තුව එහි සභිකයන් 150 දෙනකු ද සමඟ දලයි ලාමාතුමා ඉදිරිපිට දී මෙම තත්ත්වය විසඳා ගැනීමට හැකි සෑම සහායක් ම දෙන බව පවසා ඇත. ජර්මන් රජය මේ තත්ත්වය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් පත් කළ යුතු බව පවසා තිබුණි. කොන්දේසි විරහිත ව ටිබෙටය සමඟ මේ පිළිබඳ ව සාකච්ඡා කර විසඳුමකට එළඹෙන්නැයි එක්සත් ජනපදය ද චීනයට යෝජනා කර ඇත. ටිබෙට් ඩයස්පෝරාව විසින් නිව්යෝර්ක් හා ජිනීවා හි ජගත් මානව හිමිකම් කාර්යාල ඉදිරිපිට අඛණ්ඩව රැලි සහ විරෝධතා පවත්වති.

චීන මැදිහත්වීම තුළ කලාපයීය තර්ජන



මෙම තත්ත්වය ගෝලීය දේශපාලන පැතිකඩට සාපේක්ෂව විග්‍රහ කර ගැනීමේ දී පෙනී යන කරුණු කිහිපයක් වෙයි. චීනය හා ඉන්දියාව අතර ඇති ”සීතල දේශපාලන එදිරිවාදිකම්” ටිබෙටය සම්බන්ධයෙන් චීනයේ දැඩි ස්ථාවරයට හේතු වන බව එක් විචාරක දෘෂ්ඨී කෝණයකි. දලයි ලාමාතුමා හා ටිබෙටයේ පිටුවහල් පාර්ලිමේන්තුව සඳහා දේශපාලන රැකවරණ භාරතය තුළ ලබාදීමට සමගාමීව ටිබෙටය භාරතයට පක්ෂපාත රාජ්‍යයක් වීම පිළිබඳ ව චීනය තුළ ඇත්තේ නොමනාපයකි. දෙවැන්න වර්තමාන විරෝධතා, කැරලි ඔස්සේ චීනයට එරෙහි බටහිර කඳවුරේ බළල් අතක් බවට ටිබෙටය පත් වී ඇතැයි යන දෘෂ්ඨී කෝණයයි. ටිබෙටයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා ”එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආධාර (USAID) මගින් ආධාර ලැබීමත්, 1956 න් පසු ටිබෙට් විප්ලවයේ දී ටිබෙට් ගරිල්ලන් පුහුණු කිරීමට හා ආයුධ සැපයීමට අමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA)  මැදිහත්වීමත් ඒ විග්‍රහයට පදනම් වේ. කෙසේ වුවත්, ”කුලියට සියදිවි නසා ගන්නා” මිනිසුන් සිටීනම්, එය සුවිශේෂී ”කුලියක්” විය යුතු බව වටහාගත යුතුව තිබේ. අධිරාජ්‍යවාදීන්ගෙන් හෝ දේශෙද්‍රා්හී කුමන්ත්‍රණකරුවන්ගෙන් හෝ වරදාන රැගෙන මව්බිම පාවාදීම, ඔත්තු බැලීම ආදියට කිසියම් රටක පුරවැසියන්, ආයතන, දේශපාලනඥයන් යොදා ගැනීම සුලභව දැකිය හැකි නමුදු ඒ වරදාන රැගෙන රට වෙනුවෙන් සිය දිවි නසා ගැනීම සුළු කොට තැකිය හැකි කරුණක් නොවේ.


ජාත්‍යන්තර නිහැඬියාව

දලයිලාමා තුමා නොබෙල් සාම ත්‍යාගලාභියෙක් වුව ද ටිබෙටය සම්බන්ධයෙන් වූ චීන අතපෙවීමට එරෙහිව කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකි විය. ආරක්ෂක මණ්ඩලය තුළ චීනය සතු නිශේධ බලය සහ ටිබෙට් අර්බුදය සම්බන්ධයෙන් රුසියාව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මත කිසිදු මැදිහත්වීමක් නොවුණි. 1949 දී චීනය විසින් සිදුකළ ආක්‍රමණයත් සමඟ ලාමාතුමන් ටිබෙටයෙන් පලා යන අතර ඒ වන විට එතුමාගේ වයස අවුරුදු 23කි. 1959 දී රටෙන් පලා ගිය දලයිලාමාතුමා ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයක තවමත් ජීවත් වේ.

අන්තර්ජාල ලිපි එකතුවකින් සංස්කරණය කෙරුණි


Post a Comment

0 Comments