ලෙජන්ඩ් ලා සහ වෙන්න ලෙජන්ඩ් ලා


නිමාවට පත් වූ රෝඩ් සේෆ්ටි තරඟාවලිය තුල අප අතීත ක්රිකට් උන්මාදයට රැගෙන ගිය බව අවිවාදිතය. පැරණි තරු ඒ උන්මාදනීය ආතල් එක අපට නොඅඩුව තිලිණ කිරීම ද ප්රසංශනීය ය.

ලෙජන්ඩ් ලා තරඟ වැදුනේ ලෙජන් ලා සමඟ ය. ඒක හරියට බැක් ටු ස්කුල් වැඩසටහනක් වැනි ය. අතීත කාමයෙන් ද අපිට ආතල් එකක් දෙන අතරේ ලෙජන්ඩ් ලා ද සුපිරි ආතල් එකක් ගත්තේ ය.
දැන් ලෙජන්ඩ් ලා සහ ජාතික කණ්ඩායම අතර තරඟයක් සංවිධානය වී ඇත. එය රෝඩ් සේෆ්ටි තරම් ආතල් එකක් නොවේ. මෙය ජාතික කණ්ඩායමට මෙන්ම ලෙජන්ඩ් ලා ටද හිසරදයකි.
තරඟයේ ප්රතිඵළ දෙයක් ලැබිය හැක. ලෙජන් ලා ජයග්රහණය කළහොත් අපට ජාතික කණ්ඩායමට තවත් පළුපැළෙන්න නෙලන්නට හැකිය.
ලෙජන්ඩ් ලා දිනුව ද පරාද වෙන්නේ ශ්රී ලංකා ක්රිකට් මිස වර්ථමාන ජාතික කණ්ඩායම නොවේ.
ඉස්සර අපේ ගමේ අවුරුදු උත්සවයට සමගාමීව තාත්තලාගේ කණ්ඩායම සහ කොල්ලො කුටුට්ටන්ගේ කණ්ඩායම නමින් මහා ක්රිකට් තරඟයක් පවත්වයි. හැබැයි ඒ මැච් එක තාත්තලා කවදාවත් ජය ගෙන නැත. ඒක තාත්තලා ට හෙනම ආතල් වැඩක් වුණත් අපට හෙන සිරා වැඩකි.
ඒ නිසා ශ්රී ලංකාවේ ක්රිකට් වලට ආදර කරන කිසිම කෙනෙකුට ලෙජන්ඩ් ලා ගේ සහ ජාතික කණ්ඩායමේ තරඟය සිරා ගැනීමේ කිසිම අවශ්යතාවයක් නැත.

Post a Comment

0 Comments