ඔක්සිජන් ටැංකියක් ගෙදරදීම හදාගන්නේ කොහොමද


පීසා එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද, හොඳ බටර් කේක් එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද, හොඳ පොල්තෙල් ගෙදරදීම හදාගන්නේ කොහොමද ආදී වශයෙන් අපට සමීප කියමන් අතරට ඔක්සිජන් ටැංකියක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියල ලෝකයට ඉගෙනගන්න වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවද ?

අද වනකොට ඉන්දියාවේ කොරෝනා තත්වය එන්න එන්නම නරක අතට හැරෙන වේගයෙන්ම එරටේ ඔක්සිජන් ටැංකි සහ කෘතීම සංචිත අවසන් අදියරට පැමිණ තිබෙනවා. අධික පරිසර දුෂණය සහ විටින්විට පොළොවට සමීප වන වායුගෝලීය දුවිලි ප්‍රමාණය ඉහළයාම නිසා ඉන්දියාවේ ඇතැම් ප්‍රධාන නගර වල ඔක්සිජන් අළෙවිකරන්නට තබා ඇති අයුරු මීට වසර කිහිපයකට පෙර සිටම දක්නට ලැබුණා.

ඔබ අද අන්තර්ජාලය පරික්ෂා කර බැලුවොත් ඔක්සිජන් ටැංකියක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියල ඉන්දියානුවන්ම අන්තර්ජාලයට එක්කල නවතම වීඩියෝ විශාල ප්‍රමාණයක් සහ ලිපි විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. අවසානයටත් කියන්නට තිබෙන්නේ ඔක්සිජන් ටැංකියක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියල ඉගෙනගන්න වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවද ?

#How_to_make_oxygen_tank_at_home 

#How_to_make_oxygen

Post a Comment

0 Comments