ලොවපුරා සංවේදී අධි ආරක්ෂක කළාප දැඩි තර්ජනයක ?


ලෝකයේ ඉතාම රහසිගත ස්ථානයක පවත්වාගෙන යනු ලබන දත්ත ගබඩාවක ඔබේ නිවසේ සම්පුර්ණ තොරතුරු සහ රූපසටහන් පරිඝනකගත කර ඇතැයි වාර්තා වනවා. සෑම නිවසකම සැලසුම පවා අදාළ දත්ත වල රහසිගතව තැන්පත් කර ඇතැයි සඳහන්. ඔබට කිසිදු ස්මාර්ට් වර්ගයේ මෙවලමක් නැතත් ඔබට හිමි දේපල මේ නිසා දැඩි අවදානමකට ලක් වනවා. මේ තත්වය මත ලොවපුරා සංවේදී අධි ආරක්ෂක කළාප ද  දැඩි  තර්ජනයකට ලක් වන බව මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා.


අදාළ රහසිගත මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන ආයතනය පිටුපස සිටින ලෝක බලවතුන් නුදුරු දිනයක දී අනාවරණය වනු ඇතැයි එක්ස්ශින්ග්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පිළිබඳ මහාචාර්ය සුශෝ ශෝබා පැවසුවා. එමෙන්ම අදාළ දත්ත ගබඩාව සමඟ සම්බන්ධ විය හැකි චිපයක් පිළිබඳව ද මේ වන විට පර්යේෂණ සිදුකෙරෙන බව හෙතෙම ගොබ්ස් සඟරාවට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ චිපය, මෙම රහසිගත වැඩසටහනට සම්බන්ධ විශේෂ පුද්ගලයන්ගේ  භාවිතයට පමණක්  ලබාදෙනු ඇති බවත් එමගින්  ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් සහ ස්ථාන වලට පහසුවෙන්ම සහ රහසිගතව ලඟාවීමේ හැකියාව පවතින බවත් සඳහන්. එමෙන්ම මෙම සියළු කටයුතු අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කළහැකි බව ද ගොබ්ස් සඟරාව අනාවරණ කරනවා. නුදුරු දිනක ඒ සඳහා චන්ද්‍රිකාවක් වැනි යමක් ඉහළ අභ්‍යවකාශට යැවෙනු ඇතැයි ද සඳහන් .

කාන්තා රෝබෝවරියක් මෙම රහසිගත දත්ත මෙහෙයුම පිටුපස සිටින බවත් ඇයට කතා කිරීමේ හැකියාව පවතින බවත් සඳහන්.
-----------
අදාළ දත්ත ගබඩාව සමඟ සම්බන්ධ විය හැකි චිපය ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් බවත් ඉතාම රහසිගත ස්ථානයක පවත්වාගෙන යනු ලබන දත්ත ගබඩාව ගූගල් අර්ත් නැමති වැඩසටහනක් බවත් මෙම සියළු කටයුතු අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කෙරෙන්නේ ගූගල් නැවිගේෂන් සිස්ටම් හරහා බවත් රහසිගත දත්ත මෙහෙයුම පිටුපස සිටින කාන්තාව ගූගල් අක්කා බවත් දැන් සොයාගෙන තිබෙනවා.

මහාචාර්ය සුශෝ ශෝබා මේ වන විට ඉතාම රහසිගත ස්ථානයක භාවනායෝගීව සිටින අතර  එක්ස්ශින්ග්ස් විශ්ව විද්‍යාලය ලොව 100 වන පුදුමය ලෙස නම් කර තිබෙනවා. ගොබ්ස් සඟරාව තවත් රූපවාහිනී නාලිකා 5 ක් සහ ගුවන්විදුලි නාලිකා 3 ක් ආරම්භ කර ඇති අතර 2025 වන විට සිය අභ්‍යවකාශ රූපවාහිය විශ්වගත කිරීමේ ඉලක්කයට ළඟා මෙනින් සිටිනවා.

--------
ඒ නිසා ලැබෙන පළමු එන්නතම ලබා ගන්න.

උදිතමාල් හේමචන්ද්‍ර
Udithamal Hemachandra 

Post a Comment

0 Comments