G7 සහ ප්‍රජාතන්ත්‍රවාදය

පසුගිය දා අවසන් වූ G7 රාජ්‍යනායක සමුළුවෙන් පසුව මෙම සටහන තැබීමට මුල් වූ ප්‍රධානතම හේතුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ට්විටර් ගිණුමට එක්කර තිබූ පින්තුරයට ඉහළින් යොදාතිබූ මේ හෙඩිමයි.



''Diplomacy is back'' "රාජ්‍ය තාන්ත්‍රිකභාවය නැවත පැමිණ තිබේ"


G7 යනු කුමක් ද ?

Group 07 (හතේ කණ්ඩායම) Group යන්නෙහි  මුල් අකුර වශයෙන් G සලකා ලොව බවත්ම රාජ්‍ය 07 ක නායකයෝ එක්ව බිහිකර ගත්  අන්තර් රාජ්‍ය දේශපාලන හා ආර්ථික සංසදයක් ලෙස මෙය පිහිටුවා ගැනුණේ 1975 දී ප්‍රංශය විසින් පවත්වන ලද සමුළුවක් සමඟින්. එම අවස්ථාවේ රටවල් 06 ක් ඊට සහභාගී වූ අතර සමාරම්භක අවස්ථාව G6 ලෙස හැඳින්වුණා. (මෙය කාර්මික රටවල රාජ්‍යනායක සමුළුව ලෙස ද ඇතැම් අය හඳුන්වනු ලබනවා)


G6 G7 G8 සහ නැවත G7

1975 දී ප්‍රංශය විසින් පවත්වන ලද පළමු සමුළුවට, සත්කාරක ප්‍රංශය සමඟ ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය එක්වුණා. 1976 දී මීට කැනඩාව එකතු වීමත් සමඟ, සමුළුව G7 ලෙස නම් කෙරුණා. 1996 දී රුසියාව මෙම දේශපාලන හා ආර්ථික සංසදයට එක් වූ  අතර එය ඊළඟ වසරේදී (1997) G8 ලෙස ප්‍රසිද්ධ වුණා. 

මේ අතර ක්‍රිමියාව, රුසියාවට අයත්වීමේ ( රුසියාවේ දැවැන්ත දේශපාලන මැදිහත්වීමකින් පසුව) දැවැන්ත දේශපාලන පියවරෙන් පසු 2014 දී  දින නියමයක් නොමැතිව මෙම අන්තර් රාජ්‍ය සමුළුවට සහභාගී වීම රුසියාවට අත්හිටවූ අතර සංසදයේ නම G7 ලෙස ද වෙනස් කෙරුණා.

පසුව 2017 දී රුසියාව මෙම සමුළුවෙන් ස්ථිර ලෙස ඉවත් වන බව නිවේදනය කළා. 


G7 ට සම්බන්ධ වන වෙනත් රාජ්‍ය 

1980 දශකයේ සිට යුරෝපීය සංගමය මෙහි  සහභාගිවන්නෙකු ලෙස නියෝජනය කළ නමුත් සමුළුව G7 ලෙසම නම් කෙරුණා. ඊට අමතරව රාජ්‍ය නායක සමුළුව සඳහා විවිධ අවස්ථාවල ලොව සෙසු රාජ්‍ය වල නායකයෝ ද සහභාගී කරගෙන තිබෙනවා. ඒ අදාළ රාජ්‍යයන් G7 ප්‍රධාන රාජ්‍යයන් සමඟ පවත්වාගෙන යන යාළු මිත්‍රකම් මතයි. 

උදාහරණයක් ලෙස 2016 යහපාලන අවස්ථාවේ ජපානයේ පැවති G7 රාජ්‍යනායක සමුළුවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද ආරාධනා කෙරුණු අතර G7 රාජ්‍යනායක සමුළුවකට සහභාගී වූ ප්‍රථම ශ්‍රීලාංකික ජනාධිපතිවරයා ද  මෛත්‍රී වනවා. 

මෙවර (2021) එංගලන්තයේ පැවති 47 වන රාජ්‍යනායක සමුළුවට දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයින්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා, ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සහ ඉන්දීය අගමැති මෝදි විශේෂ ආරාධිතයන් ලෙස එක්වුණා.  

සාමූහිකව ගත් කල ගෝලීය නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40 ක් G7 රාජ්‍යයන් මත රඳා පවතිනවා. 

2021 G7 රාජ්‍ය නායකයෝ 

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් 

කැනඩා අග්‍රාමාත්‍ය ජන්ටින් ටුඩෝ 

බ්‍රිතාන්‍ය  අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් 

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් 

ජපාන අග්‍රාමාත්‍ය යෝශිදේ සුගා 

ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රහි

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් 


2021 ආරාධිතයෝ 

දකුණු කොරියානු ජනාධිපති මූන් ජෙයින්

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි


යුරෝපා සංගමය වෙනුවෙන් 

යුරෝපා කොමිසමේ ප්‍රධානි - උර්සුලා වොන් 

යුරෝපා කවුන්සිල චාල්ස් මිචෙල් ප්‍රධානි 

Udithamal Hemachandra








Post a Comment

0 Comments