ඔලිම්පික් පදක්කම් සටහනට පැමිණි ROC

Udithamal Hemachandra

මෙවර ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු සිව් දෙනා අතර සිටින ROC යනු  කවුරුන් ද යන්න හදිසියේ ඔලිම්පික් බලන්න පටන් ගත් කෙනෙකුට තරමක විස්මය ඇති කරන්නක් විය හැකියි. ROC යනුවෙන් මෙවර තරඟ කරන්නේ රුසියානු කණ්ඩායමයි. ROC යනු  "Russian Olympic Committee" යන්නෙහි මුල් අකුරු වනවා. "Russian Olympic Committee හෙවත් රුසියානු ඔලිම්පික් කමිටුව ලෙසයි ඔවුන් මෙවර 2021 ටෝකියෝ උළෙලට සහභාගී වන්නේ. රුසියානු කොඩියේ වර්ණ සහ ඔලිම්පික් ලාංඡනය භාවිතා කරමින් මෙවර නව සංකේතයක් යටතේ ඔවුන් තරඟ වලට සහභාගී වීම ද විශේෂයක්. 

රුසියාව මේ ආකාරයෙන්ම 2018 ශීත ඔලිම්පික් සඳහා ඉදිරිපත් වුයේ  ද OAR හෙවත් "Olympic Athletes from Russia" නමින්. 






Post a Comment

0 Comments