සමාජ සම්බන්ධතා හොහඳුනන මිතුරු ලැයිස්තුව - Social media without society

සමාජ මධ්ය වල අරම්භක අවදියේ දී Connectivity කියන ජාලගත අවශ්යතාව මූලික සංකල්පයක් වුණත් අද වනවිට එහි වැඩිම කොටසක් ව්යාපරික සහ දේශපාලන අවශ්යතාවන්ගේ නිදහස් පිටියක් බවට පත්ව තිබෙනවා. අතිශය පෞද්ගලික කාරණා ජයග්රහණයන්, පරාජයන්, අවශ්යතාවයන් ආදී දහසකුත් ඒවා අතර උපන්දිනයක්, සංවත්සරයක් ආදී සුබපැතුම් එක්කෙරෙන ආරේ පොස්ට් වලට කෙනෙකු Comment එකක් කළාම අඩුම තරමේ ඒ Comment එකට විතරක්වත් like එකක් දාන්න අමාරු වෙන්නේ, Busy වෙන්නේ ලොකු සීන් එකක් නිසාද social connectivity කියන එක තේරෙන්නෙ නැති නිසා ද කියල මම නිතරම හිතනවා.
ඒ අතරෙ එවැනි සුබ පැතුම් Comment පහක් වගේ වැටිල තියෙන උපන්දින පොස්ට් එකක් හරි ඇනවසරි පෝස්ට් එකක් යටින් Thanks All කියල අයිතිකාරයම එක Reply එකක් Comment එකක් විදියට දාල තියෙන කොට මමම කල්පනා කරනව, ඇයි යකෝ මේ comment පහටවත් මේ යකාට අඩුම තරමේ පොඩි click පහකින් ලයික් පහක් හරි හාට් පහක් හරි දාන්න බැරි ඇයි කියල.
එකෙන් අදහස් වෙන්නෙ නෑ, කාගෙහරි හැම පොස්ට් එකකටම ලයික් කරන්නවත් කමෙන්ට් කරන්නවත් ඕන කියල. අනෙක කෙනෙක් දාන හැම පොස්ට් එකකටම නෙවෙයි මේක අදාල වෙන්නේ Celebration category එකේ wish එකකට විතරයි.
ඒක හරියට උදේට කවුරු හරි ගුඩ් මෝනිං කිව්වම පෙරළා ගුඩ් මෝනිං කියනව වගේ.
නැත්තං හව් ආ යූ ටුඩේ කියල ඇහුවොත් ඒකට උත්තරයක් දෙනව වගේ සරළයි.
මේ පොස්ට් එකත් එහෙම හැම Comment එකකටම Reply කරන්න හෝ හැම Comment එකකටම හාට් දාන්න ඕන එකක් නෙවෙයි.

හැබැයි මිනිස්සු අතර Connectivity තියාගන්න පුළුවන් හොඳම විදියක් නිකං අපතේ යනව කියලයි මට හිතෙන්නේ.
May be an illustration

Post a Comment

1 Comments

  1. Betway Casino - MapyRO
    Find Betway Casino locations, rates, 원주 출장안마 amenities: expert Betway Casino research, only at MapyRio.com. 청주 출장샵 Play 삼척 출장마사지 Blackjack, Craps, 부천 출장안마 Roulette, Craps, & more at Betway! 제주 출장마사지

    ReplyDelete