බැංකොක් හී අනාගත සලකුණ


තායිලන්තයේ  ජනජීවිතය සහ බුද්ධාගම එකිනෙක බැඳී පවතින්නේ ආගම හා සංස්කෘතිය බෙදා වෙන්කෙරෙන සීමා ඉරපවා හඳුනාගත නොහැකිවන සමීප මට්ටමක ය. ශිෂ්ඨාචාරය ජලය සමඟ බැඳී පැවතුණේ යම් සේද එම සෑම ශිෂ්ඨාචාරයකම නව නගර ඉදිවූයේ දැවැන්ත මහවිහාර කේන්ද්‍ර කරගෙන බව තායිලන්ත ඉතිහාස කෘතිවල දැක්වේ.

අග්නිදිග ආසියාවේ පොහොසත්ම සංචාරක වෙළඳපොළ ඇත්තේ ද තායිලන්තයේ බව නොරහසකි. එහි අගනුවර වන බැංකොක් හී ඉදිවන මීටර් 69 ක් උස මෙම බුද්ධ ප්‍රතිමාව අනාගත තායිලන්තයේ විශිෂ්ට ලෑන්ඩ්මාර්ක් එකක් වනු ඇත. රන් ආලේපිත ප්‍රතිමාව සකස් කර අවසන් කිරීම වසංගත තත්වයත් සමඟ පමා වූ අතර 2023 වසරේ එහි වැඩ නිමවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ආගම රැඳී පැවතීමට නම් සංස්කෘතික ලෑන්ඩ්මර්ක් අවශ්‍යම බව පසක් කරන තායිලන්තය ආගමික දර්ශනය ආරක්ෂා කරගැනීමට ද ඒ හා සමාන උනන්දුවක් දක්වති.

#Udithamal

Post a Comment

0 Comments