කෝලි 100 බැගින් 50 යි

කෝලිට සුබ පතනව කියන්නේ ඇඟෙන් ඇටයක් යන වගේ සීන් එකක් වෙන්නේ ඇයි?

⚡ඉන්දියාව තමයි මේ වෙනකොට ලෝකයේම ක්‍රිකට් පාලනය කරන්නේ.
⚡එහෙම ඉන්දියාවෙන් පාලනය වීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා,පාකිස්තාන හෝ බංගලි ක්‍රිකට් ලෝලීන්ට නොවීම.(ජන ගහනයක් ලෙස ක්‍රිකට් ආගමක් කරගත් වැඩිම පිරිස ජීවත්වෙන්නේ එම රටවල් වල වීම)
⚡කෝලි කියන්නේ හතරේ සීමාව ඇතුළෙ දඩබ්බර හැසිරෙන්නෙක්.
⚡එවැනි හැසිරීම විටෙක ඔහු මොනතරම් දක්ෂයෙකු වුණත් බලාසිටින ප්‍රේක්ෂකයන් තුළ ඇති කරවන්නේ පිළිකුලක් වීම.
⚡කෝලි ගැන ඇතැමුන්ගේ හැඟීම, ඉන්දියාව සතුටු කිරීම සඳහා පමණක්ම වෙන්නත් පුළුවන්.
⚡එංගන්තය,නවසීලන්තය හෝ ඔස්ට්‍රේලියාව කෝලි ගැන දරණ අදහස සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් වන හැඟීමමද?

හැබැයි

මම මෑත දවසක විරාත් කෝලි සමඟ කළ ඉතාම බර සම්පන්න සම්මුඛ සාකච්වක් රූපවාහිනී නාලිකාවක එක දිගට විනාඩි 45 ක් විතර බලාගෙන සිටියා. ඒක නිකං රෑ 9ට අපේ නාලිකාවක යන සිංදු කියන,අඬන,පොඩ්ඩක් කරල පෙන්නන ජාතියෙ එකක් නෙවෙයි, Legand Program එකක්.

මම හිතන්නේ නෑ, ඒකෙ අහන ප්‍රශ්න සහ දෙන උත්තර කටපාඩම් කරපු බොරු මීඩියා Show එකක් කියල. ඔහු ක්‍රිකට් වලට එහා ගිය දැවැන්ත පරිචයක් ඇති විසල් මිනිසෙකු බව ඒ මිනිත්තු 45 ඇතුලත මම අවබෝධ කර ගත්තා. ඇත්තටම ඒක දැවැන්ත කතාබහක්. මට එක වෙලාවක හිතුණා කෝලි කතා කරන සමහර දේවල් පපුවට ගහගෙන පිස්සුවෙන් වගේ ක්‍රිකට් බලන ඉන්දියානුවන්ට පවා නොතේරෙනවා ඇති කියල. ගැඹුරු උගත් බවක්, කැපවීම සහ අධිෂ්ඨානයත් හරහා ස්වකීය ගොඩනැඟීම, බිම ඇදවැටීම්, නොසලකා හැරීම් ඇතුළු කටුක සහ අමිහිරි මතකයන් පවා ඉතා විශිෂ්ට ලෙස ඔහු කතා කළා.

හැසිරීම අන්තිම වුණත් හැකියාව විශිෂ්ට නිසා ඒ ගැන පමණක් සලකා වුවත් කෝලිට සුබ පැතුම් එක්කල යුතු යි

Post a Comment

0 Comments