ජාත්‍යන්තර ක්‍රිකට් තහනම 2023

ක්‍රිකට් ගැන ලොකුවට ලියන උඹලත් ෂම්මිගෙ ගෝලයො ද?

නෑ යෝදයෝ, අපිට ගෙවනව නම් ලියන්නේ මෙහෙම නෙවෙයි. 

ඇයි කාටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැමතියි/අකමැතියි, දූෂිතයි/එහෙම නෑ, ෂම්මි හොඳයි/නරකයි. කියන ස්ථිර සහගත පූර්ව තක්සේරුවෙන් මැද තැනක ඉඳන් මේක බලන්න බැරි?

එහෙම මැද තැනක් මේකෙ නැද්ද? තියෙනව නම් ඒක වෙනුවෙන් අදහසක් දරණ අයත් ෂම්මිගෙ ගෝලයො ද?

හැබැයි ශ්‍රී ලංකාව මැච් දිණුවනම් මේ තත්වය වෙනස් වෙන්න තිබුණ නේද? ඔව් මෙවර මැච් පැරදුණා පමණක් නෙවෙයි, ක්‍රීඩකයන්ට තියෙන බරපතළ විනය චෝදනා, තේරීම් කමිටුවේ බුල්, අපිළිවෙල ආදී මේ සියල්ල අවසානයේ එන්න ඕනත් ක්‍රිකට් ආයතනටමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත බංකොලොත් වුණු මෑතම ඉතිහාසය අපිට මතකයි. කොටින්ම ICC එක අන්තිමට ක්‍රීඩකයන්ගේ ගිණුම් වලට මාසික වැටුප් බැර කරපු ඒ අඳුරු ඉතිහාසයත් අපිට හොඳට මතකයි. 

01. පාර්ලිමේන්තුව හෝ සිවිල් සමාජය වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකර සිටිය යුත්තේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය සහ විනය මීට වඩා බරපතල ලෙස වර්ධනය කිරීම සහ එය ක්‍රිකට් ආයතනයේ වගකීමට යටත් ය යන්න බවට යි. රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවා යන්න මතු වෙන්නේ එතකොට යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය පුද්ගලික ආයතනයක් වගේ නොවේ ය යන්න ප්‍රේක්ෂකයට දැනෙන්නේ ද එතකොට යි.

02. වර්තමාන ක්‍රීඩකයන් සහ Board එක දෙකක් වශයෙන් නොව එකක් වශයෙන් ඉදිරියට යා යුතුයි.

03. ක්‍රීඩකයන්ගේ පඩි, වාර්ෂික සංචාර කාලසටහන්, තරඟාවලි සහ අනුග්‍රාහකත්වයෙන් ගැන ක්‍රිකට් ආයතනයේ උත්සාහය සහ වාර්ෂික ලාබය පිළිබඳ උනන්දුව, මේ සියලු සකල චෝදනා වලින් පසුව හෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතා,විනය සහ වෘත්තීය මට්ටම දියුණු කිරීම සඳහා ද දැඩිව මැදිහත් වන පාර්ශ්වය බවට පත් විය යුතුමයි.

04. එමනිසා මෙය අවස්ථාවක් කරගෙන ඉස්සරහට, ක්‍රීඩකයන්ට ක්‍රිකට් Board එකත් එක්ක නම් ලේසි වෙන්නේ නෑ කියන බරපතල බය සහ විශ්වාසය, ක්‍රිකට් ලෝලීන්ටත් දෙන්න පුළුවන් නම්  තත්වය තව බොහෝ වෙනස් වෙන්න පුළුවන්.

05. ඒ නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ද බය නැති බරපතල තීරණ ගත්තාම ක්‍රිකට් ලෝලීන් වුනත් නැවත ක්‍රිකට් වලට විතරක් නෙවෙයි ක්‍රිකට් බෝඩ් එකටත් ආදරය කරාවි.

06. ක්‍රිකට් ආයතනයේ ගණුදෙනු, ICC එකත් එක්ක සහ ICC ය ද පිළිගන්නා නීතිමය රාමුවක් තුළ විසඳගන්නවා විනා අනවශ්‍ය දේශපාලන අතපෙවීමකින් සමස්ථ ක්‍රිකට් වලට කෙළවා ගන්නවා ද යන්න දැන් අප හමුවේ ඇති ප්‍රශ්න යි යන්න මගේ හැඟීමයි.

මම නැවත කියන්නේ මේ අදාල ප්‍රශ්නය, මේ මොහොතේ මම දකින මධ්‍යස්ථම තැන නමුත් ඔබේ  විවිධ පෞද්ගලික විශ්වාස මත මේ මතය සම්පුර්ණයෙන්ම වැරදි වෙන්න හෝ ඔබ එකඟ නොවෙන්න හෝ මේ අදහස ඕනෑතරම් වෙනත් තර්ක ගොනුකළ හැක්කක් බවත් මම ඉඳුරාම දන්නවා.

උදිතමාල් හේමචන්ද්‍ර

Post a Comment

0 Comments